අළුත් අවුරුද්දකුත් අත ළඟ…..

මාස දෙකකට විතර පස්සේ blog එකේ මොනා හරි ටිකක් කොටන්න හදන්නෙ මේ. මේකේ මුකුත් ලිව්වේ නැති වුණාට පහුගිය දවස් ටිකේ නිතර දෙවේලේ මගේ බ්ලොග් එක හොඳින් තියෙනවද කියලා නම් පරීක්ෂාවෙන් ඉන්න වුණා. මේ පහුවෙච්චි මාස දෙකට දෙපාරක් හැකර් ප්‍රහාර වලට ලක්වෙලා තිබුණා.. මුල් වතාවෙ නම් මොකක්ද වුනේ බලන්න මට වෙලාවක් තිබුනෙත් නැහැ. ඒ වතාවෙ hosting සේවා සපයන්නාගේ සහයෙන් blog එක හදාගත්තා. දෙවනි පාරත් attack එකක් තිබුණ නිසා ඒ පාර නම් මමම බලලා බෙහෙත් කරලා, ආයෙ පාරක් ලෙඩක් නොවේවා කියලා ප්‍රාර්ථනාවක් එහෙම කරලා ;) ආරක්ෂක පද්ධතිය පොඩ්ඩක් ශක්තිමත් කළා. ඊට පස්සෙ නම් ඉතින් ලෙඩක් වුනේ නැහැ තවම නම්. ඔන්න ඔහොමයි පහුගිය මාස දෙක.

ඉතින් කොහොමද? ‍ලියන්න ගත්තට ලියන්න දේකුත් නැහැ. මේ දවස් වල හිතේ තියන දේවල් මේකෙ ලියන්නත් බැහැ. ;) ඉතින් ඉස්සරහට ඔන්න අළුත් අවුරුද්දක් එනවා. මමත් blog එකේ උඩ හරියෙන් පොඩි wish එකකුත් දැම්මා. ඒ වුණාට ඉතින් එහෙම කියන්න තරම් තත්වයක් තියෙනවාද මන්දා මේ වෙන දේවල් එක්ක…

කන්නංගර මහත්තයට පිං සිද්ධ වෙන්න කියලා නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලේ ඉගෙනගෙන අපි යන්තම් කැම්පස් එකක් ඇතුළට රිංග ගත්තා. දැන් ඉතින් ඒකත් අවසානයක් වේගෙන එනවා වගෙයි. ඉස්සරහට දුප්පත් අම්මගෙ තාත්තගෙ දක්ෂ ළමයි දොස්තරලා ඉංජිනේරුවො වෙන එකක් නම් නැති වෙයි. පුද්ගලික විශ්ව විද්‍යාල කරලියට ඇවිත් සල්ලි වලට සහතික උපාධි දෙන කාලයක් යන්තම් යන්තම් දැන්නම් පේනවා. එච්චරක්යෑ… ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියන උත්තරීතර ආයතනයෙන් දැන් මැජික් පෙන්වන්නත් පටන් අරන්. Maths කරහම Art වලින් ප්‍රතිඵල දෙනවා. මරු නේ.. :P සුපිරි රෑන්ක් එකකුත් දීලා තිබුනේ. C එකයි S දෙකයි ගත්ත මල්ලි කෙනෙක් ගම්පහින් 86 වෙලත් තිබුණා. ඔන්න මැජික්. ඊළඟට z-score. අළුත් පරණ විෂය නිර්දේශ දෙකේ z ලකුණු දෙක එකක් වෙලා තියෙන්නේ විශේෂ සූත්‍රයක් අනුව එකතුවෙලා, combine වෙලා මෙව්වා වෙලා කියලා තමා ආරංචි. මේ මෙව්වා කරන සූත්‍රය දන්නේ ඉතින් ඒක හදපු ජ්‍යාමිතික විශේෂඥයො තමා… ;) මොනවා කරන්නද? මතකද මන්දා මම කලින් ලිව්ව කතාවක් “මෙහෙම රටක් මෙහෙ විතරයි” කියලා. ඒකෙ අවසානෙට කියපු දේ ඔන්න වෙලා. “ලෝකෙ රවුම් කියලා කියපු නිසා ගැලීලියෝට වහ දීලා මැරුවා” කියලා අමන කතා කියන ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවල කියන උදවිය ලොකු පුටුවල ඉද්දි මෙහෙම දේවල් වෙන එකේ අරුමයකුත් නැහැ ඉතින්… දැන් ඉතින් ඉස්සරහට විභාග ප්‍රතිඵල ගැනත් ශුවර් නැහැ… ඉතින් ඉස්කෝලෙ යන නංගියේ මල්ලියේ.. ලබන අවුරුද්ද ඔයාලට සුභයි කියන්න අමාරුයි.

කවුරු හරි පොල පැත්තෙ ගියාද? කොහොමද එළවළු ගණන් එහෙම? බෝංචි 250g රු. 80ට තිබිලා ඔන්න දැන් යන්තම් 50යි. කවුරුත් කියන්න එපා දඹුල්ලෙ 30යි කියලා. ;) ගෙදර එදා වේලට බෝංචි 250g ක් ගන්න දඹුලු යන්නයෑ. ලයිට් බිලත් වැඩි කරල ඔන්න. ආ නැහැ. එහෙම නෙමෙයි. ඒකක 90 සහනය 30ට අඩු කරලා. වැඩි කරල නැහැ වැඩි වෙලා.. එච්චරයෑ.. ගැමුණු විජේරත්න මහත්තයාගෙ ගාස්තුව හැමදාම වැඩි වෙනවා. කොච්චර දුන්නත් මදි. ඒ සේරම දැනෙන්නෙ ඉතින් පොදු ජනයාගේ පොකට් එකට.. එහෙනම් ඉතින් ලබන අවුරුද්ද එයාලට සුභ වෙන්නෙත් නැහැ….

ඔය කරුණු කිහිපයක් විතරයි. එහෙනම් ඉතින් දැන් අපි කාටද සුභ පතන්නේ අලුත් අවුරුද්ද සුභ වෙන්නයි කියලා… ‍හි හී… කියමුකො බලන්න ;)

මේ “අසිරිමත්” සිරිලක් දිවයිනේ වෙසෙන අප සැමට ලබන්නා වූ නව වසර අවසානයේදී වත් ඊළඟ වර්ෂ‍යට සුභ පතන්න ලැබේවා… :D

http://blog.madhawaonline.com/2010/05/13/%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99-%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/

අනේ අනිච්චං …..

මතකද මම මීට ටික කාලෙකට කලින් කතාවක් ලිව්වා “මෙහෙ‍ම රටක් මෙහෙ විතරයි” කියලා. අමතක නම් ඒ කතාවත් පොඩ්ඩක් බලලා ඉන්න. ඒ වගේම කතාවක් තමා ඉතින් මේකත්. හැබැයි මේක ඊට වඩා ගොඩා…ක් භයානක සිද්ධියක්.

මේ පොඩිත්තෝ දෙන්නගේ සුන්දර හිනාව දැක්කම කොච්චර නම් සතුටුද? මේ සතුටු සිනහවම අනාගතයේ දී ඔවුන් සමගම රැඳුනොත් කොච්චර ශෝක් ද? අපි කාගෙත් පැතුම ඒක. ඒත් ඒ පොඩ්ත්තන්ගේ අනාගතය සතුටින් පිරෙයිද කියලා සැකයක් සිතෙන්නේ මේ වගේ සිද්ධි දකිනකොට ඇහෙන කොට තමා…

මේ කතාව ලංකාව කියන ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයේ එක්තරා ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ පාසලක් ගැන. මොකක්ද ඒ ඉස්කෝලෙ කියලා අහන්න එපා. දන්නෝ දනිති.

මේ කියන පාසලේ 8 ශ්‍රේණියේ සමාජ අධ්‍යයනය උගන්නපු ගුරුතුමියක් එක පාරටම ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල් වෙලාලුනේ. ඉතින් එතනින් එහාට මේ ඉස්කෝලෙ ඉගෙන ගන්න අහිංසක ළමයින්ට යන කල දසාව මොකක්ද කියලා කොහොම හිතාගන්නද? ආරංචි විදියට නම් ඒ පළාතේ ගරු මහ ඇමති තුමාගේ කරුණා මෛත්‍රිය තමා මේ ගුරුතුමියට පිහිටක් සේම ළමයින්ට කරුමයක් වෙලා තියෙන්නේ… තමාගේ විදුහල්පති නිල නිවාසයට වෙලා බුලත්විට කාගෙන ගමේ අප්පුහාමි ගොවි මහත්තයාගේ හාමිනේ වගේ විදුහල්පති කෙනෙක්ගෙන් පාසලකට මොන පිහිටක්ද..? පිදුරු තමාගේ ආහාරයක් කර නොගත්තත් බල්ලා ඒ පිදුරු ටික ගොනාට කන්න දෙන්නෙ නැහැ. වැඩක් කරගන්න හැකියාවක් නැති මේ විදුහල්පතිනිය තමාගේ ආචාර්ය මණ්ඩලයටවත් වැඩක් කිරීමට නොදෙන්නේ එතුමිය කලින් සඳහන් කල සත්වයාගේ කුලයට අයිති කෙනෙක්ද දන්නේ නැහැ… ;)

කොන්දොස්තර නම් කමක් නැහැ. ටිකට් කඩනවා විතරනේ. මිනිහා ඒක වැරැද්දුවොත් මිනිහගේ පඩියටමයි තට්ටු වෙන්නේ. අහිංසක පාසල් ළමයෙක්ගේ අනාගතය කාබාසිනියා කරන එකට පඩියක් කපලා මක් කරන්නද..??? Sorry.com තමා ඒ අහිංසකයන්ට….

කොහොමින් කොහොමින් හරි දේශපාලනය යන සත්ක්‍රියාව කරමින් දේශය අනුභව කරන සමහර දේශපාලනඥයෝ කන්නංගර ශ්‍රීමතාණන් දායාද කල නිදහස් අධ්‍යාපනයත් නැති කරන්න පටන් ගෙන දැන්. මේ ඉතින් එක ඉස්කෝලයක්නේ. තව ඇති… මොනවා කරන්නද??

දෙයියෝ බලත්වා මේ අකටයුතුකම් දිහා…

පසුව හමුවෙමු.. එතකං ජය වේවා… :)

(පින්තූරය උපුටාගත්තේ:- http://farm3.static.flickr.com/2555/4114101071_fb9609abb7.jpg )

දෙපා විමසයි පිළිතුරු …..

වැල්ලට වී සිටින දෙපා
බලා සිටී රළ සුමුදුව
දෙපා සිපගන්නා තුරා …

හැරී යන්නේ ඇයිද ආපසු
සිප ගැනීමට එනු සේ
අසලටම පැමිණ …

නොසිතේද සුමුදු රළ ඔබට
දෙපා ඔබ එනතුරා බලා සිටින බව …
නොදැනේද සුමුදු රළ නුඹට
දෙපා ඔබ නැතුව සොවින් තැවෙනා බව …

අවසරද පියවරක්
ඔබ ළඟට එන්නට
කුමක් පවසම්ද සුමුදු රළ නුඹ
දෙපා විමසයි ඔබේ පිළිතුර ….

අපේ තවත් ලොකු වැඩක් …..

ඉතින් කොහොමද? අද මේ blog එක පැත්තට ආවෙ අපේ තවත් වැඩක් ගැන සටහනක් තියන්න. අපේ කිව්වේ CompSoc එකේ.. දැන් ඉතින් කට්ටිය වරදවා වටහා ගන්න එපා මේ CompSoc එකේ site එකක් කියලා. මගේ තියන මේ මනා භාෂා හැසිරවීමේ කලාව (මුල මැද අග හරියට නැති සිංnglish) CompSoc එකේ නිල අඩවියේ දාන්න බැහැනේ. ඒක නිසා ඉතින් මේව මගෙ blog එකේ.

මෙදා පාර කතන්දරේ තවත් වැඩමුළුවක් ගැන. ස්ථානය :- අපේ සංස්කාරකතුමා, ඒ කියන්නේ අපේ සංජය ඉගෙන ගත්ත පාසල, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය. ඔක්තෝම්බර් 22 වෙනිදාට තියන උසස් පෙල GIT ප්‍රශ්න පත්‍රයට ලියන්න ඉන්න මල්ලිලා නංගිලාට උදව්වක් දෙන්න තමා අපේ අරමුණ වුනේ. මේකෙ සංවිධානය කිරීමේ බර කරට අරගෙන වැඩ කළේ සංජය යි, ධනුක මල්ලි යි, ඉසුරු අයිය යි. සංවිධානය කිරීම් කටයුතු නියමයි. ආයෙ කියන්න අඩුවක් නැහැ.

ඉතින් පහුගිය ඔක්තෝම්බර් 12 වෙනිදා උදේ ඉර පායන්නත් කලින් අපේ කට්ටිය ගෙවල් වලින් පිටත් වුනේ මේ මල්ලිලා නංගිලා වෙනුවෙන්. උදේ 7 වෙද්දි අපි ඉස්කෝලෙ. ‍ආහ්.. අපේ කට්ටියත් හඳුන්වලා දෙන්නම්කෝ මුලින්ම.

වමේ සිට දකුණට අපේ අය….. අනිල්, මාධව, සංජය, නෙල්කා, දිලිනි, දෞපදී, ප්‍රනීත් මල්ලි, ධනුක මල්ලි…

Continue reading